විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 28,800ක් අඩංගු දුම්වැටි කාටූන් 144ක් සඟවාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතළිස් තුන් ලක්ෂ විසි දහසක් පමණ වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.