ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, පැය 05කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.