OnmaxDT මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 07 දක්වා රිමාන්ඩ්

court-2

OnmaxDT පිරමිඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක ඉංජිනේරුවකු බව කියන සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද අදාළ සැකකරු අද (21) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු ලබන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.