එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 02ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල හා කැලණිය, දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වනවිට එම රථ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

