අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කරයි

adani-nn

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව Adani Green Energy නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින්, මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇති බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ගෞරවාන්විත ලෙස තම සමාගම ඉවත් වන බවත්, ලංකා ආයෝජන මණ්ඩලය වෙත ද මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි එම සමාගම වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67ad94642e89fpdf_page_1 67ad946410a12pdf_page_0