ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව එම දුම්රියවල තෙවන පන්තියේ ආසන වෙන්කරන මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙසින් පරිවර්තනය කර ඇති අතර තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටවූවත්, එම මැදිරි වෙනුවට දෙවන පන්තියේ ආසන වෙන්කිරීමට ඇති අවස්ථාව වැඩිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

