අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිය ඔස්සේ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බවයි සඳහන් වන්නේ.
ඊයේ (31) දිනයේ සිට ලබන මාර්තු 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.