පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා වැටුප ජාතික ජන බලවේගයේ පක්ෂ අරමුදලට යොමු කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 160 දෙනාම සිය වැටුප් පක්ෂ අරමුදලට යොමු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමන්ට ආහාර ලබාදීම සිදු කරන්නේ ජනතාව විසින් බවත්, තමන්ට ගැටලුවක් වී ඇත්තේ වාහනය සඳහා ඉන්ධන සහ දුරකථන ගාස්තු සඳහා වන වියදම් පමණක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඒ සඳහා පක්ෂයෙන් උදව් කරන්නේ නම් එය භාර ගන්නා බවත්, පක්ෂය විසින් පක්ෂයේ පිරිස් රැක බලා ගන්නා සංස්කෘතියක් සිය පක්ෂය තුළ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.