සීගිරිය වැනි සංචාරකයන් බහුලව ගැවසෙන, සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශවලින් කුලී ගමන් (hire) ලබා ගැනීමේදී ත්‍රිරෝද රථ රියැදුරන්ට අඩත්තේට්ටම් හා හිරිහැර වන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.
මෙම තත්ත්වය දැන් උත්සන්න වී ඇති බවයි මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු පවසා සිටියේ.
මෙයට හේතුව වන්නේ ත්‍රිරෝද රථ කර්මාන්තය නිසි නියාමනයකින් තොරව අවුරුදු 45 ක් තිස්සේම අයාලේ යෑම බවත්, සමස්ත ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවාවම සියළුම පාර්ශ්වයන්ට උපරිම ඵලදායී අයුරින්, විධිමත් නියාමනයකට යටත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කර සිටියා.
වර්තමානයේ නව තාක්ෂණය අනුව App මගින් ත්‍රිරෝද රථ සේවාව පවත්වා ගෙන යන බවත්, සමාජයේ පවතින වෙනස්කම් වලට අනුරූපීව ත්‍රිරෝද රථ කර්මාන්තය ද අනුවර්තනය විය යුතු බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
තවමත් ‘සමහරක්’ ත්‍රිරෝද රියදුරන් සුපුරුදු ලෙස පරණ විදියටම ඇඟේ හයියෙන්, කටේ හයියෙන්, චණ්ඩිකමෙන් මේ තත්ත්වයට මුහුණ දීමට සිතා සිටින බවද, ඒවා කල් පවත්වාගෙන යා නොහැකි බවද, පවතින ක්‍රමයට අනුගත නොවීම නිසා වඳ වී යෑමට සිදුවනු ඇති බවද ඔහු පවසා සිටියා.
නව තාක්ෂණයෙන් ලෝකය ඉදිරියට යද්දී, එයට පයින් ගසා සුපුරුදු ලෙස ගසාකෑම, සූරාකෑම පවත්වාගෙන යෑමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම්, තම සංගමය එයට විරුද්ධ වන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

