විදුලි ගාස්තු අඩුවන ආකාරය ගැන දැනුම්දීමක්

electrycity-miter

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0-30 ත් අතර පාරිභෝගිකයින් සඳහා 29% ක අඩුවීමක් හා ඒකක 31-60 අතර කාණ්ඩයට 28% ක් දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තුද පහත දමා ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ඒකක 61-90 කාණ්ඩය සඳහා 19% ක අඩුවීමක්, ඒකක 91-180 කාණ්ඩය සඳහා 18% ක අඩුවීමක් හා 180 ට වැඩි කාණ්ඩය සඳහා 19% කින් විදුලි ගාස්තු අඩුවන බවයි සඳහන් වන්නේ.

පොදු කාර්ය සඳහා 12% ක විදුලි ගාස්තු අඩුවීමක් හා රාජ්‍ය ආයතන සඳහා 11% ක්, හෝටල් සඳහා 31% ක්, කර්මාන්ත සඳහා 30% ක්, ආගමික හා පුණ්‍යායතන සඳහා 21% ක්, වීථි ලාම්පු සඳහා 11% ක් ලෙස විදුලි ගාස්තු අඩුකර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

678a2a3b67eacpdf_page_0 678a2a3296195pdf_page_0