රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවට දැනුම්දීමක්

trainjaffna

දුම්රිය රියැදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියැදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

ඒ අනුව කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80 ක් පමණ පෙනී සිටීමට නියමිත අතර අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.