Clean Sri Lanka ව්‍යාපෘතිය යනු නගර සහ පාරවල් පිරිසිදු කිරීම පමණක් නොව මුළු රටම පිරිසිදු කිරීම බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන චිත්‍රය වෙනස් කිරීම සඳහා ජනතාව සමඟ එක්ව වැඩකළ යුතු බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
හිතාමතා වැරදි සිදුකරන්නේ නම් සමාව දීම සම්බධයෙන් යළි සිතා බැලිය යුතු බවත් වැරදි කරන මිනිසුන් ආරක්ෂා කිරීම හා දඬුවම් නොදීම හමුවේ සමාජයටද බලපෑම් එල්ලවී ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරත් ප්‍රකාශ කළා.

