මෙවර ඉදිරිපත් කරන අයවැය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩපිළිවලෙහි පළමු පියවර බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.
එම වැඩපිළිවෙළහි පළමු වසර සඳහා වන වැඩසටහන මෙවර අයවැය තුළ ඇතුළත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන විවිධ සැලසුම්ද එහි අන්තර්ගත බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

