පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයින් පත් කිරීමේදී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බවයි ඔහු පවසා සිටියේ.
කෝප් කමිටු සභාපතිවරයා ඒකමතිකව පත් කරගත් බවට ප්‍රකාශ වුවද, එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව, පවතින තත්ත්වය තුළ සෙසු පාර්ලිමේන්තු කමිටු සඳහා ද සහභාගී නොවීමට විපක්ෂය අදහස් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ.