Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම හැකියාව පවතින බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති බව පොලීසිය සඳහන් කරනවා.
දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607 ක රථවාහන නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අතර, දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබාගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

