නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතුව තිබෙනවා – ජනපති

anura-president-new-year-2025

නව වසරේ අලුත් පරිවර්තනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බවයි Clean Sri Lanka ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇති බවද නීතිය හා විධානයේ ආධිපත්‍යය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

දුෂණය හා වංචාව නතර කිරීමට රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන, ඒ සඳහා සහාය ලබාදිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.