කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බවයි “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම” වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.