සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.