සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රජය සතු වතුවලට අයත් පොල්, ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.