ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධ කෙරේ

election

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

අපේක්ෂකයින් තිදෙනෙක් හැර අනෙකුත් සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ වියදම් වාර්තා ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ.