ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් මෙර​ට සිටි​න ඊශ්‍රාය​ල සංචාරකයින්ට අනතුරු ඇඟවීමක්

arugam-bay-nn

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

එය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ත්‍රස්තවාදී තර්ජනයක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රදේශ කිහිපයකින් වහාම ඉවත්වන ලෙස දැනුම්දී ඇති බවයි.

ඒ අනුව එම අනතුරු ඇඟවීම වත්මන් තොරතුරු අනුව සංචාරක ප්‍රදේශ සහ වෙරළ තීරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ දකුණේ සහ බටහිර වෙරළ තීරයන්ට අදාළව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය තර්ජනයේ නිශ්චිත ස්වභාවය සඳහන් කර නොමැති අතර ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයින්ද අවධානයෙන් සිටින ලෙසයි දැනුම්දී ඇත්තේ.