ආරුගම්බේ හි සංචාරයෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි

us-embassy-archived

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආරුගම්බේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවන බවට අනතුරු ඇඟවීමේ විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවයි එම අනතුරු ඇඟවීමේ වැඩිදුරටත් දැක්වෙන්නේ.