තැපැල් ඡන්ද පත්‍රිකා 23 වනදා තැපෑලට භාරදීමට පියවර

LC-elections-300x158

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම එළඹෙන 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 04 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.

අනෙකුත් රාජ්‍ය ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 01 සහ 04 දිනවලදී සිදු කෙරෙන බවද සඳහන්.

අදාළ දිනයන්වල තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වන පිරිස් සඳහා නොවැම්බර් 07 සහ 08 දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.