VAT බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකු​ට මාස 6ක සිර ද‍ඬුවම් නියම කෙරේ

1728888985-arjun-aloysius-6

VAT බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබූ බවයි සඳහන් වෙන්නේ.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක VAT බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.