කැලණි ගඟ අවට පහත් බිම් වෙත නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

flood_warning1

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

670b9c2ad8be0pdf_page_0