නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයට අසාධාරණයක් වූ බව හැඟේ නම් අධිකරණයට යා හැකියි – මැතිවරණ කොමසාරිස්

samansri-rathnayaka

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690 ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

නාමයෝජනා සම්බන්ධයෙන් යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

මනාප අංක ඉදිරියේදී ලබාදීමට නියමිත බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.