කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

weather-warning-1

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ හා වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6708e6603d221pdf_page_0