උන් ඔක්කොම හොරු මල්ලි කියලා මම කොහොමද උන් එක්ක ඉන්නේ මල්ලි – රන්ජන්

ranjan-yy

තමන්ට මහ මැතිවරණයට තරග කරන ලෙස විවිධ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

නමුත් එම පක්ෂවල පැටිකිරිය හා එහි අපේක්ෂකයින් දෙස බැලූ විට තමන්ට සිතුනේ ‘උන් ඔක්කොම හොරු මල්ලි කියලා, උන් එක්ක වාඩි වෙලා ඉන්නේ කොහොමද’ බව යැයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

එයට ඇති හොඳම විසඳුම ලෙස නවතම නැවුම් පක්ෂයකින් දේශපාලනයට පැමිණීම බවත් ඒ අනුව තමන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.