රන්ජන්ගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය එළිදක්වයි

ranjan-ramanayake-political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක අද (09) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ඒ අනුව “මයික්‍රෆෝනය” ලකුණින් එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවයි සඳහන් වෙන්නේ.

එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරන්න ඩිල්ෂාන් පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.