රැඳවියන් පළායෑමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

welikada-prison

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිව්දෙනෙකු පළායෑම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිලධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල රැඳවියන් දස දෙනෙකු යොදා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක සඳහන් කළේ.

එම අවස්ථාවේදී රැඳවියන් සිව්දෙනෙකු බන්ධනගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති අතර, බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සඳහා මෙම රැඳවූවන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මාතර බන්ධනාගාර සහකාර අධිකාරීවරයාගේ මූලික විමර්ෂණයේ නිර්දේශයට අනුව සිරකරුවන් පිටතට ගැනීමට අනුමැතිය දුන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සඳහා සිරකරුවන් යොමු කළ දෙවන පෙළ ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශනයට යටත්ව වැඩ තහනමකට ලක්කර තිබෙනවා.