බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම්

egg

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුළු කෑම මත තීරණය වන බවත්, කුකුළු කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු ලබන කන්නයේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිලදී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසනවා.

වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ප්‍රකාශ කළේ කුකුළු කෑම මිල ඉහළ යාම මේ සඳහා බලපා ඇති බවයි.

ඇතැම් ආයතනවලට සෘජුව බඩ ඉරිඟු ආනයනය කර ගැනීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බවත්, මහා පරිමාණයෙන් බඩ ඉරිඟු ආනයනය කරන ආයතනවලට තවත් වැඩිපුර කෝටාවක් ලබා දී, කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදන ආයතනවලට ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.