පාසල්වල සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාළමින් චක්‍රලේඛයක්

School-van-v1

පාසල්වල පැවැත්වෙන සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් නොකළ යුතු බව දන්වමින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධාකාරයේ සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් ගැන අමාත්‍යංශයට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එවැනි මුදල් එක්රැස්කිරීමේ හේතුවෙන් සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන හෙයින් එවැනි මුදල් එකතු කිරීම නොකළ යුතු බවයි අමාත්‍යංශ ලේකම්වරිය අවධාරණය කර ඇත්තේ.