ජනපතිට ලෝක බැංකු සමූහයෙන් සුබ පැතුම්

World-Bank

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුව සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය  උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙලෙස සුබ පැතුම් එක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය දෙන බවත්, ඒ සඳහා රජයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන අතර ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාව ද ඒ හා සමානව වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.