බිනර පුර පසළොස්වක පොහොය දිනය අද

vesak-poya-day

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් සඳහන්ව තිබෙනවා.

එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබනවා.

බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබෙනවා.