මිලාද් උන් නබි උත්සවය අදයි

eid-mubarak

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබ්අල් – අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ දැක්වෙන්නේ.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේදී මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබනවා.

ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.