IHP අගෝස්තු සමීක්ෂණයෙන් අනුරට 36%ක්, සජිත්ට 32%ක්, රනිල්ට 28%ක් සහ නාමල්ට 3%ක්

66e2a7fff36f1

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට වැඩිහිටියන්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් අගෝස්තු මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව ඊයේ (11) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 36% ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස 32% ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය ද, රනිල් වික්‍රමසිංහ 28% ක් ලබාගනිමින් තෙවන ස්ථානය ද, නාමල් රාජපක්ෂ 3%ක් ලබාගනිමින් සිව්වන ස්ථානය ද ලබාගෙන ඇති බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම සමීක්ෂණය අගෝස්තු මාසය තුළ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 1,153 ක් මත පදනම්ව ඇති බවද, සමීක්ෂණ ඇස්තමේන්තුව 3-7% අතර දෝෂ ආන්තිකයක් සමඟ තක්සේරු කර ඇති බවද සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

අදාළ වාර්තාව මෙතැනින්. මාධ්‍ය නිවේදනය මෙතැනින්.

66e2a7fff36f1