රනිල් විහිළු කළේ මට නෙවෙයි, මේ රටේ අහිංසක ජනතාවට – සුනිල් හඳුන්නෙත්ති

sunil-hadunneththi-imf

ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් ගැන තමා කතා කළ පසු වත්මන් ජනාධිපතිවරයා එයට විහිළු කිරීමට පටන්ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ විහිළු කළේ තමාට නොව, ඔවුන්ටම බලය ලබාදුන් මෙරට අහිංසක ජනතාවට බවයි මොරවක ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එම ජනතාව විසින් සැප්තැම්බර් 21 වනදා ඒ සඳහා ඔහුට පිළිතුරු ලබාදෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.