රනිල් “යාළුවා” කියලා ශේප් වෙන්න ආවට 21න් පස්සේ යාළුවාගේ තරම බලාගන්න පුළුවන් වෙයි – අනුර

anura-93933

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් එන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහුට ඒක පාර්ශවීයව “යාළුවා යාළුවා” යැයි කියමින් සිටිය හැකි වුවත්, සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ.

වෛද්‍ය උපදෙස් මත කෙටි විවේක ගැනීමකින් අනතුරුව අද (08) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.