අගෝස්තු 11 ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

water-cut

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සීදූව, නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.