සමගි ජන සන්ධානය පිහිටුවීම අද

Samagi Jana

සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය අද (08) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පිහිටුවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ”සැමට ජයක් සමඟි රටක්” මැයෙන් මෙම සන්ධනය එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානය පිහිටුවන අතර, එම පක්ෂයට සහය දක්වන අනෙකුත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් එම අවස්ථාවට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.