ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට ලැබෙයි – එම්.එස්.තවුපික්

slmc-1

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩල සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කටයුතු කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඟ දැනටමත් එක්ව කටයුතු කරන බැවින් උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාසට ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.