පූර්ව ලියාපදිංචියකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගන්න එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

passport

පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගමන් බලපත් අයදුම් කිරීම සඳහා ජූලි 16 වනදා සිට https://www.immigration.gov.lk/ යන සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.