ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමට සහාය වු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගේ ප්‍රණාමය

ranil-75-meet[1]

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිම සඳහා සහාය දුන් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවත්, එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස  සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

“ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී ඊයේ (26) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

66a455ba3ce36pdf_page_1 66a455b893b80pdf_page_0 66a455bd0c72apdf_page_3 66a455bb6b535pdf_page_2