කරන්දෙනිය ප්රදේශයේ කුරුඳු ඉඩමක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වූ බව කරන්න පොලිසිය කියයි.
කරන්දෙනිය උණ ගස්වල ප්රදේශයේ කුරුඳු ඉඩමක තිබී අබිරහස් අයුරින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලද තොරතුරක් මත සොයා ගැනීමට කරන්දෙණිය පොලිසියට හැකි විය.මියගිය පුද්ගලයා ඉකුත් 21 දින උණ ගස් වල ප්රදේශයේ කුරුඳු ඉඩමක කුලියට එම ඉඩම උදුලු ගෑම සඳහා පැමිණි අයෙක් බව එම ඉඩම හිමි තුසය හකුරු ෂරෝකා නමැති අය හඳුනාගෙන ඇත.ඉන්පසු මිය ගිය අයගේ ඥාතීන් පැමිණ මියගිය අය හඳුනාගෙන ඇති අතර ඔහු කරන්දෙනිය අනුරුද්දගම පදිංචි අයෙකු බව තහවුරු විය. ස්ථානීය මරණ පරීක්ෂණය කරන්දෙනිය හදිසි මරණ පරීක්ෂක පී සොමිරත්න මහතා විසින් සිදුකළ අතර එහිදී මියගිය අයගේ හිසෙහි සහ අත්වල තුවාල ඇති බව හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මිය ගිය අයගේ සිරුර බලපිටිය මූලික රෝහල වෙත රැගෙන යන ලදී.කරන්දෙනිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි


