දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කළැයි කියන
සිද්ධියකට සම්බන්ධ එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා 21 වෙනිදා දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා 56 හැවිරිදි අයෙකු වන අතර අතවරයට ලක්වුනේ යැයි කියන ගුරුවරිය අවුරුදු 30 පමණ වයසති ගුරුවරියක් බවත්, ඇය මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙන බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසූරිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පසුගිය18 වෙනිදා විද්‍යාලයේදී මෙම සිද්ධිය සිදු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධව විද්‍යාලයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා අවට ලක්කරූ බවත්, ඒ පිළිබඳව අනෙකුත් පරීක්ෂණ කටයුතු කර සියලු වාර්තාවන් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කියයි.
මේ පිළිබඳව අදාළ ගුරුවරිය විසින් 18 වෙනිදා පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද සිරිපුර පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා 22 වෙනිදා දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසුරිය මහතා වැඩිදුරටත් කීවේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී නෙත්සූරිය මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියකට සම්බන්ධ එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා 21 වෙනිදා දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
-
සාම පාගමනේ ගමන් මග…..
Read more >> -
ඉන්දීය යුද නෞකාවක් කොළඹට…..
Read more >> -
2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන නිකුත් කෙරේ…..
Read more >> -
ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක් – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය…..
Read more >> -
අප්‍රේල් ගෙවුණු දින 19ට සංචාරකයින් 88,211ක් මෙරටට ඇවිත්……
Read more >> -
නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට…..
Read more >> -
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති අරුණ කරුණාතිලක අතර සාකච්ඡාවක්…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී……
Read more >> -
එජාපයෙන් විශේෂ නිවේදනයක්…..
Read more >> -
මහ බැංකුවේ තවත් වාර්තා දෙකක් ජනපතිට…..
Read more >>

