නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
ඔහු 2015 පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙසත්, 2020 පැවැති මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත්ව තිබුණා.
නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ශ්‍රී ලංකාවේ, එක්සත් රාජධානියේ සහ හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වසර 24කට වැඩි පළපුරුද්දක් ඇති අයෙක් බවයි සඳහන් වෙන්නේ.