කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..
ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති සද්ධර්ම වාගීෂ්වරාචාර්ය සිරිනිවාස මෑතගම සෝභිතාභිධාන නායක ස්වාමීන් වහන්සේ (15) දින අපවත් වී වදාළය.
1949 වසරේ දෙසැම්බර් 14 දින ජන්මලාභය ලැබූ උන් වහන් අපවත් වන විට 75 වන වියේ පසුවූහ ,
උන්වහන්සේ ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේ වශයෙන් අපවත් වන තුරුම කටයුතු කර ඇත ,
තවද නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ දීර්ඝ කාලයක් හිටපු විදුහල්පති ස්වාමින් වහන්සේ වශයෙන්ද නුවරඑළිය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි වශයෙන්ද කොළඹ කිරුළපන බලපොකුණ පුරාණ රජමහා විහාරයේ විහාරවාසි , ශාන්තිපුර චේතියගිරි මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙසද කටයුතු කරමින් බෞද්ධ අබෞද්ධ සියලුම ජාතීන් අතර සංහිඳියාව ඇති කරමින් සියලුම ආගමික නායකයන් හට ආදර්ශවත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට කටයුතු කර ඇත ,
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන අඟහරුවාදා (18) දින උන්වහන්සේ විදුහල්පති ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළ නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී පස්වරුවේ සිදු කිරීමට නියමිත බව නුවරඑළිය ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව සඳහන් කරයි .
කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..
-
ඉදිරි උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත් වීමේ සූදානමක……
Read more >> -
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු එළැඹෙන සඳුදා…..
Read more >> -
ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන රැසක් පවත්වාගෙන ගිය පිරිසකට නඩු……
Read more >> -
ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි…..
Read more >> -
දේශපාලන බලපෑම් නිසා රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි……
Read more >> -
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පත් කෙරේ…..
Read more >> -
සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් සාර්ථකව වෙන්කෙරේ……
Read more >> -
කතරගම එන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්……
Read more >> -
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය කළුතරදී…..
Read more >> -
“යෝෂිතත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා-ගෙවල්වලින් කැමති නැති නිසා ඒක කැඩුණා”යසාරා අබේනායක උසාවියේදී කියයි…..
Read more >>

