කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..
ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති සද්ධර්ම වාගීෂ්වරාචාර්ය සිරිනිවාස මෑතගම සෝභිතාභිධාන නායක ස්වාමීන් වහන්සේ (15) දින අපවත් වී වදාළය.
1949 වසරේ දෙසැම්බර් 14 දින ජන්මලාභය ලැබූ උන් වහන් අපවත් වන විට 75 වන වියේ පසුවූහ ,
උන්වහන්සේ ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේ වශයෙන් අපවත් වන තුරුම කටයුතු කර ඇත ,
තවද නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ දීර්ඝ කාලයක් හිටපු විදුහල්පති ස්වාමින් වහන්සේ වශයෙන්ද නුවරඑළිය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි වශයෙන්ද කොළඹ කිරුළපන බලපොකුණ පුරාණ රජමහා විහාරයේ විහාරවාසි , ශාන්තිපුර චේතියගිරි මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙසද කටයුතු කරමින් බෞද්ධ අබෞද්ධ සියලුම ජාතීන් අතර සංහිඳියාව ඇති කරමින් සියලුම ආගමික නායකයන් හට ආදර්ශවත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට කටයුතු කර ඇත ,
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන අඟහරුවාදා (18) දින උන්වහන්සේ විදුහල්පති ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළ නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී පස්වරුවේ සිදු කිරීමට නියමිත බව නුවරඑළිය ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව සඳහන් කරයි .
කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..
-
ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින්ට අනතුරු ඇඟවීමක්
Read more >> -
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
Read more >> -
ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී තිබුණා – පොලීසිය
Read more >> -
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කෙරේ
Read more >> -
ආරුගම්බේ හි සංචාරයෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි
Read more >> -
ගම්මන්පිලට ඕනේ ශානි, රවී මෙතැනින් ඉවත් කරන්න, ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ – කැබිනට් ප්‍රකාශක
Read more >> -
ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්නවලට ලකුණු ලබාදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Read more >> -
පොහොර සහනාධාරය ගොවීන්ගේ ගිණුම් වෙත බැර කෙරේ
Read more >> -
කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Read more >> -
සිවිල් පුද්ගලයින්ට දුන් ගිනි අවි 50 ක් යළි ආරක්ෂක අමාත්‍යංශයට භාරදෙයි
Read more >>