රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වෙනවා – කංචන

kanchana-wijesekara-3

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ආණ්ඩුවේ පාර්ශවකරුවන් සමඟ සෑම සතියකම මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, දේශපාලන පක්ෂ කාර්යාල කිහිපයක්ද විවෘත කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආර්ථික අර්බුදයෙන් තවමත් ශ්‍රී ලංකාව එළියට පැමිණ නොමැති බවත්, තවත් වසර කිහිපයක් අසීරු ගමනක් යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් එම අසීරු ගමන ගෙන යාමට හැකි බවට ඔප්පු කර ඇති නායකයා වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ.