ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීම පූර්ව කොන්දේසියක් – සමගි ජන බලවේගය

sajith-anura-debate-2

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර අද (06) දිනයට යෝජිත ස්වාධීන රුපවාහිනී සේවය විකාශන පහසුකම් සපයා ඇති විවාදය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය විසින් ස්වාධීන රුපවාහිනී සේවයට පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව නායකයින් අතර විවාදයට පෙර දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බවට පූර්ව කොන්දේසියක් පැවති බවද, එය නොසලකා හරිමින් ජාතික ජන බලවේගය නායකත්වයන් අතර විවාදයට පමණක් එකඟ වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

තමන් ඉදිරිපත් කළ කිසිඳු යෝජනාවකට යහපත් ප්‍රතිචාරයක් නොදක්වා නායකත්ව විවාදය සඳහා දිනයකට ජාතික ජන බලවේගය එකඟවූ බවද, ඔවුන් එකඟ වූ දිනය පදනම් කරගනිමින් ස්වාධීන රුපවාහිනී සේවයද විවාදය පැවැත්වීමට සූදානම් බවට සිදුකළ ප්‍රකාශය විධිමත් සැලසුම් සහගත ක්‍රමවේදයක් අනුගමනය නොකොට සිදුකළ ප්‍රකාශයක් බවද එමඟින් පෙන්වාදී තිබෙනවා.

මෙම විවාදය පැවැත්වීමේදී සමඟි ජන බලවේගය ලෙස අපේක්ෂා කළේ සියලුම විද්‍යුත් නාලිකා, මුද්‍රිත නාලිකා ඇතුළු සියල්ලන් එකඟවන පොදු ස්ථානයක පැවැත්වීම බවයි අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අදාළ ලිපිය පහතින්.

6661a243496a2pdf_page_1 6661a2430590cpdf_page_0