බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් බෝට්ටු පදිමින් සිටියදී අධිබලැති විදුලි සැර වැදී තරුණයකු මරුට.

death

බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් බෝට්ටු පදිමින් සිටියදී අධිබලැති විදුලි සැර වැදී තරුණයකු මරුට.

ගල්පාත චන්දන පෙරේරා

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල,දිවලකඩ, කළුගල ප්‍රදේශයේ පදිංචි (22)එල්.ඒ. දමිත් කුමාර නැමැති තරුණයෙක් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

කළුගල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අද (3)සවස ගංවතුරේ විනෝදය සදහා බෝට්ටුවක නැග උණ රිටක් ආධාරයෙන් ගමන් කරමින් සිටියදී උණ රිට අධිබලැති විදුලි රැහැනක වැදී විදුලිසර වැදී ඇති අතර බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් මද වේලාවකට පසුව මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි පො.සැ.45343උපාලි,පො.කෝ.92466 චානක,පො.කො.රි.80134 පත්මසිරි යන නිලධාරීන් මෙහෙයවයි.